hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 14, ප.ව. 7:51



මහනුවර වැව රවුමේ අම්පිටිය හන්දියේ පිහිටි සුවිසල් නිවසක තනිව පදිංචිව සිටි කෝටිපති කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.

සිද්ධිය අද (14) දහවල් 2.00ට පමණ සිදුව තිබෙන බව පොලීසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ කමනී රණසිංහ නැමැති දෙදරු මවක්.

ඇය කම්කරු දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ශ්රේනියේ රැකියාවක නියුක්තව සිට විශ්‍රාම ලැබ නිවසේ තනිව ජීවත්ව සිට තිබෙනවා.

අදාළ කාන්තාවගේ සැමියා මියගොස් ඇත. දරුවන් දෙදෙනා  ඔස්ට්රේලියාවේ පදිංචි බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාවට මහනුවර වැව රවුමේ අම්පිටිය හන්දියේ ගොඩනැගිලි කිහිපයක හිමිකාරියක් බවත් ඒවායින් ඇයට විශ්රාම වැටුපට අමතරව  මාසිකව ලක්ෂ ගණනක මුදලක් කූලි ලෙස ලැබෙන බවත් දැන ගන්නට තිබෙනවා.

පස්වරු 2.00 ට පමණ අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ කළු අඩි පහක් පමණ උස පුද්ගලයෙකු පිහියක් අතැතිව අදාළ කාන්තාවගේ නිවසින් පිටතට එනු  දුටු බවත් ඔහුගේ අත ද කැපී ලේ ගලමින් තිබූ බවත් අසල්වැසියෙකු සඳහන් කළා.

මෙය පවුලේ ප්රශ්නයක් බව කියමින් තමන්ටද ඔහු පිහිය දික්කර තර්ජනය කළ බවත් නිවස තුළට ගොස් බලන විට කාන්තාව කෙඳිරි ගාමින් සිටි බවත් ඔහු පැවසුවා.

ඉන් සුළු මොහොතකට පසු කාන්තාව මියගිය බැවින් රෝහල් ගත කිරීමට උත්සහ නොකර පොලීසියට දැනුම් දුන් බවද එම පුද්ගලයා ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මහනුවර – කමල් සුරවීර