hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:59



පියා පැද වූ වාහනයට යටවීමෙන් අවුරුදු දෙකක් වයසැති කුඩා දියණියක ඊයේ (08)  මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ තඹලගමුව නයන මාතිඩල්හි පදිංචි අවුරුදු දෙකයි මාස දෙකක් වයසැති සචිත්‍රා වඩිවේල් නමැති කුඩා දියණියක්. 

පවුලේ උදවිය සමඟ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා යෑමට තමාට අයත් කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථය පණගන්වා ඇති පියා එය මහාමාර්ගයට ගැනීමට ආපස්සට පදවා තිබෙනවා.

එවිට ඔහුගේ දෙහැවිරිදි දියණිය වාහනය දෙසට දිවැවිත් එහි පසුපස ගැටී තිබෙනවා.

එහෙත් ඒ බව නොදත් පියා වෑන් රථය තවදුරටත් පසුපසට ධාවනය කර ඇති අතර එහිදී මෙම සිඟිත්තිය රථයේ  පසුපස වම් රෝදයට යටවී තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ දැරිය කෝවිල්අඩි ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගියද රෝහල වෙත යොමු කරන විටත් ඇය මියගොස් ඇති බව තඹලගමුව පොලිසිය පැවැසුවා.

 පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලට දේහය භාරදී තිබෙනවා.