hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 28, ප.ව. 12:07



කාන්තා ඝාතනවලින්  හරි අඩක් සිදුවි ඇත්තේ මහ දහවල් කාලයේ දී එම කාන්තාවන්ගේ නිවෙස් තුල දි බව කාන්තා ඝාතන සම්බන්දයෙන් තමන් විසින් සිදු කළ පර්යේෂණයකදි අනාවරණය වි ඇති බව කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය  අනුරුද්ධි එදිරිසිංහ මහත්මිය ඒෂියන් මිරර් වෙත සදහන් කළා.

එම පර්යේෂණයට අනුව කාන්තා ඝාතනවලින් 75%ක් පමණ සිදුවී ඇත්තේ නිවෙස්වලදි බවත් පොදු හා අනිකුත් ස්ථානවලදී කාන්තාවන් ඝාතනය වි ඇත්තේ ඉතා අඩු සංඛ්‍යාවක් බවද මහාචාර්වරිය පැවසුවා.

මේ පිළිබද අදහස් දක්වමින් ඇය මෙසේද සඳහන් කර සිටියා.

“මෙම ඝාතනවලට ප්‍රධාන හේතුව තමයි නිවස තුල දි නැතිනම් පවුල් සංස්ථාව තුලදි ඇති වු ගැටුම්. අනික් කාරණය තමයි කාන්තා ඝාතනවලට 60%ක් විතර සිදු කරලා තියෙන්නේ සැමියා, අනියම් සැමියා පෙම්වතා හා වෙනත් පුද්ගලයෙකු විසින්. හදුනානොගත් පුද්ගලයින් විසින් කාන්තාවන් ඝාතනයට ලක්කරලා තිබුණේ 18%ක් විතර. මේ ප්‍රශ්නයට නිවස තුල තියෙන ප්‍රශ්නය විසදන්නේ නැතිව කුමන දේ කළත් වැඩක් නැහැ. පවුල් ප්‍රශ්න, ප්‍රේම සම්බන්දතා, ලිංගික ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න කාන්තා ඝාතනවලට වැඩි වශයෙන් හේතු වී තියෙනවා. මෙම පර්යේෂණයට අනුව පොලිසිවලට දෙතුන් වතාවකට වඩා 8%ක් පැමිණිලි කරලා තිබුනා. නමුත් පොලීසිය කියන්නේ මෙම පැමිණිලි කරන්නේ දඩුවමක් දෙන්න එපා ආරක්ෂා වෙනුවෙන් කියලා. නමුත් මේ නිසා අවසානයේ පවුල් සංස්ථාව තුල ඇතිවු ගැටුම් අවසන්වෙලා තිබුණේ මිනිමරුම්වලින්.  ඇත්තටම මේ පිළිබද සමාජවිද්‍යාඥයින් විසින්ද මේ ගැන පර්යේෂණ සිදු කළ යුතුයි. “

මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ මහත්මිය කාන්තා ඝාතන සම්බන්දයෙන් 2013, 2014 සහ 2015 වර්ෂවලදි බස්නාහිර, දකුණු, නැගෙනහිර, සබරගමුව උතුරුමැද යන පළාත්වල  සිදුවු කාන්තා ඝාතන සිද්ධින් 243ක් සම්බන්දයෙන් පර්යේෂණයක් සිදු කරනු ලැබුවා.