hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 03, ප.ව. 1:51



හැටන් ඇබොස්ලි වතු යායේ පිහිටි පැන්මුර් ජලාශයට වැටි අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර කොළඹ නාවික හමුදා කදවුරේ කිමිදුම්කරුවන් විසින් අද (03) දින එම ජලාශයේ තිබි ගොඩගනු ලැබුවා.

මෙසේ ගොඩගනු ලැබුවේ හැටන් ඇබොස්ලි වතුයායේ මොන්ටිෆෙයාර් වතුයායේ පදිංච සිටි මයිකල් භවන් නැමති 22 හැවිරිදි තරුණයාගේ සිරුරයි.

ජිවිතක්ෂයට පත් තරුණයා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග ඉකුත් පෙරේදා (01) රාත්‍රියේ නිවසට යමින් සිටියදී එම තරුණයා ගමන් ගත් මාර්ගය අභියස පිහිටි පැන්මුර් ජලාශයට ජිවිතක්ෂයට පත් තරුණයා ලිස්සාගොස් වැටි අතුරුදහන් වී තිබුණා.

ජලාශයේ තිබි ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමට හැටන් පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ ජල මට්ටම ඉහල ගොස් ඇති බවත්, මාර්ගයේ ගමන් කරමින් සිටි එම තරුණයා ලිස්සාගොස් ජලාශයට වැටි ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය සැකකරන්නේ.

හැටන් – රංජිත් රාජපක්ෂ