hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 01, පෙ.ව. 10:18



ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද අළුයම හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

වයස අවුරුදු හතළිහක් පමණ එම පුද්ගලයා යට ඇඳුමකින් සහ උඩුකය නිල් පාට ටී ෂර්ට් එකකින් සැරසී සිට ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මළ සිරුර හඳුනාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

මීට දින කිහිපයකට ඉහතදී ද තරුණයෙකුගේ මළසිරුරක් ගෝල්ෆේස් වෙරළ තීරය වෙත ගොඩගසා තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.