hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 26, ප.ව. 5:01



තලංගම ජපන් මිත්‍රත්ව පාලම දියසර උයන අධි ආරක්ෂක කලාපයේ දියවන්නා ඔයේ බෝට්ටුවකින් හොර රහසේ මාළු ඇල්ලීමට ගිය  දෙදෙනෙකුගෙන් එක් අයෙකු බෝට්ටුවක් සමග දියේ ගිලී අතුරුදන්ව ඇතැයි තලංගම පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ රාජගිරිය කොටුවේගොඩ වෙදගෙවත්ත පදිංචිව සිටි සයුර ගිම්හාන 18 හැවිරිදි තරුණයෙක්.

තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය මට්ටක්කුලිය වැලිකඩ  ආදී ප්‍රදේශවල පුද්ගලයන් 6 දෙනෙකු අද (26) අලුයම 1.30ට පමණ මාළු ඇල්ලීම සඳහා දියසර උයන වෙත පැමිණ එයින් දෙදෙනෙකු ආරක්ෂක දැලෙන් දියවන්නා ඔයට දැලක් හා ඔරුවක් දමා මාළු ඇල්ලීම සඳහා යමින් සිටියදී ඔරුව පෙරලීමත් සමඟම එක් අයකු පිහිනා ගොඩට පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කළා.

එම දෙසට ත්‍රීරෝද රථයක් පැමිණීමේදී පොලිසියෙන් යැයි සිතූ පිටත සිටි පුද්ගලයන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු පළාගොස් ඇති අතර පිහිනා ගොඩට පැමිණි පුද්ගලයා සහ සෙසු පුද්ගලයන් දෙදෙනා දියවන්නා ජලාශයේ රාජකාරි සිදු කරනු ලබන නාවික හමුදාව දැක ඒ පිළිබඳ පවසා ඇති අතර එම නිලධාරීන් එම ස්ථානය පරීක්ෂාකර පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන භාරදුන් බව පොලිසිය කියා සිටියා.

අතුරුදන් වූ පුද්ගලයන් සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මඟින් විමර්ශන සිදු කෙරෙනවා.

තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.