hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 24, ප.ව. 4:24



 මුදල් ඉල්ලා නොදුන්නැයි උරනව දේශීය වෛද්‍යවරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පලා ගොස් සැඟව සිටි යාචකයා වසරකට පසු නාවල සුපිරි වෙළෙඳ සැලක් අසලදී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක් වූයේ තලංගම, තලාහේන පොතුඅරාව ප්‍රදේශයේ පදිංචිව සිටි සෙනරත් නිශ්ශංක පෙරේරා නැමති 54 හැවිරිදි දේශීය වෛද්‍යවරයෙක්.

ඝාතනයට ලක්වූ වෛද්‍යවරයා 2022 අප්‍රේල් මස 26 වැනි දින තලවතුගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණ පිටවීමේදී සැකකාර යාචකයා මුදල් ඉල්ලා ඇවිටිලි කර තිබූ බව පොලිසිය සඳහන් කළා.

මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ යාචකයා සඟවාගෙන සිටි තියුණු ආයුධයකින් වෛද්‍යවරයාට පහර දීමෙන් අනතුරුව පලාගොස් තිබෙනවා.

අපරාදය සිදු වූ ස්ථානයේ සුපිරි වෙළඳසැලේ සීසීටීවී දර්ශන අනුව සැකකරු හඳුනාගෙන තිබූ නමුත් සැකකරු තලංගම පොලිස් වසම හැර පලා යාම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණා.

සැකකරු  වැලිකඩ පොලිස් වසමේ සුපිරි වෙළෙඳ සැල අසල රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ඊයේ (23) පොලිස් කණ්ඩායමක් සිදු කළ වැටලීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හතළිස් පස් හැවිරිදි පන්නල මාකදුර පදිංචිකරුවෙක්.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්ෂිත ගුණරත්න, පොලිස් සැරයන් 88874 රුවන්,  88768 කුමාර, අධිකරණ කටයුතු භාර පොලිස් කොස්තාපල් 88333 රත්නායක මහත්තුරු පරීක්ෂණ පවත්වයි