hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 01, ප.ව. 7:02



ක්‍රිකට් තරගය නරඹමින් විනෝද වෙමින් සිටියදී යුධ හමුදා විශ්‍රාමික නිලධාරියෙකු පහර දුන් බව පවසමින් යුද්ධ හමුදා ජාතික බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු රෝහල්ගතව ඇතැයි හෝමාගම පොලිසිය කියයි.

එම විශ්‍රාමික නිලධාරියා ද එම ක්‍රීඩකයා පහර දුන් බව පවසමින් රෝහල් ගතව තිබෙනවා.

යුධ හමුදා ජාතික බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයන් විසිදෙනකු පුහුණුවක් සඳහා හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය වෙත මීට දින කීපයකට ඉහතදී පැමිණ ඇති අතර ඔවුන් කුලී පදනම මත නවාතැන් ගෙන ඇත්තේ රෝහල්ගතව සිටින විශ්‍රාමික යුධ හමුදා නිලධාරියාගේ නිවසේ බව පොලිසිය කියයි.

ඊයේ (30) රාත්‍රී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරඟය නේවාසිකාගාරයේ එම අවස්ථාවේ සිටිය හය දෙනකු පමණ පිරිසක් නරඹා ඇති අතර ඔවුන් එහිදී බියර් පානය කර කැසට් යන්ත්‍රය දමාගෙන විනෝද වී ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව රාත්‍රී එකට පමණ නිවෙස් හිමි විශ්‍රාමික හමුදා නිලධාරියා සහ බිරිඳ පැමිණ ඔවුන්ට බැණ වැදී ඇති අතර එකිනෙකාට පහර දීමක් ද සිදුකර ගෙන තිබූ බව ඔවුන් ලබාදුන් ප්‍රකාශයක සඳහන් වෙනවා.

විශ්‍රාමික යුධ හමුදා නිලධාරියා අතින් පයින් සහ ආරක්ෂක හිස් වැස්මකින් තමන්ට පහරදුන් බවත් , යුද හමුදා ක්‍රීඩකයා තමන්ට පහර දුන් බව පවසමින් විශ්‍රාමික හමුදා නිලධාරියා හා යුද්ධ හමුදා ක්‍රීඩකයා පොලිසියට ප්‍රකාශ ලබා දී තිබෙනවා.

ඔවුන් දෙදෙනාම මේ වන විට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

හෝමාගම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.