hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 03, පෙ.ව. 11:20



පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගල්ගමුව ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයකු ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා ගෙයින් ගෙට යද්දී පෙරේදා (01) රාත්‍රියේ ගෙහිමියකු විසින් ඔහුගේ මුහුණට පිහියෙන් ඇනීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර තිබෙනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ ඩී. එම්. සරත් දිසානායක නමැති පුද්ගලයෙක්.

පහරදුන් සැකකරු මේ ව නවිට මීගලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් තම සැමියාට පිරිස පහර දීමට තැත් කිරීමේදී තම ආත්ම ආරක්ෂාව වෙනුවෙන් අසල තිබූ පිහියකින් ජන්ද අපේක්ෂක සරත් දිසානායකට පිහියෙන් ඇන්න බව සැකකරුගේ බිරිඳ ප්‍රකාශ කර සිටියා.

පහර කෑමට ලක්වූ ඡන්ද අපේක්ෂකයා සමග පැමිණි සුනිල් ජයන්ත මහතා සිද්ධිය පිළිබඳ මෙසේ අදහස් දැක්වුවා.

“අපි ඔහුගේ ගෙදරට ගියාට පස්සේ ඔහු 88, 89 කාලේ සිද්ධි මතක් කරලා බැනගෙන බැනගෙන ගියා. ඒවා දැන් කතා කරලා වැඩක් නැහැ කියලා අපි කිව්වා. දැන් වෙනස් ගමනක් අපි යන්නේ ඒවා අහන්නේ නැතුව මෙම පුද්ගලයා රණ්ඩුවට ඇවිත් අපේක්ෂක තුමාගේ බෙල්ලෙන් ඇල්ලුවා. ඒකෙන් බේරෙන්න ඔහුව තල්ලු කළා. ඔහු බිම වැටුණා. පසුව ඔහු අපේ පිටිපස්සෙන් ඇවිත් අපේක්ෂකතුමාගේ මුහුණට පිහියෙන් ඇන්නා.”

තුවාලකරු එම මොහොතේම මීගලෑව රෝහල වෙත ගෙන ගොස් ඇති අතර පසුව තඹුත්තේගම රෝහල වෙත මාරුකර යවා ඇති අතර තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සැකකරු මීගලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබෙනවා.