hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 09, පෙ.ව. 11:14



හික්කඩුව වවුලගොඩ ප්‍රදේශයේ හෝටලයක් ඊයේ (08) රාත්‍රියේ ගිනි ගැනීමට ලක්ව ඇති බව හික්කඩුව පොලිසිය පවසයි. 

රාත්‍රි 8.30ට පමණ මෙම හෝටලය එකවරම ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

මහල් හතරකින් යුත් මෙම හෝටලයේ ඉහල මාලය සම්පුර්ණයෙන්ම පාහේ ගිනි ගැනිමට ලක්ව තිබෙනවා.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න නිවිමට කටයුතු සිදු කර තිබෙනවා.

හෝටලය ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වි නැත. 

ගාල්ල – ලලිත් චාමින්ද

හික්කඩුව – බුද්ධික වීරසිංහ