hit counter

2024 දෙසැම්‍බර් මස 14 වන සෙනසුරාදා

2023 මැයි 14, පෙ.ව. 12:33



තම සේවා ස්ථානය බලා යමින් සිටි වැලිගල්ල, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාරියක වූ 22 හැවිරිදි ෆාතිමා මුනව්වර් නම් තරුණිය ඝාතනය කළ තරුණයා වට්ස්ඇප් පණිවිඩයක් මගින් තමන් කළ මිනීමැරුම පිළිබඳව පාපොච්චාරණය කොට තිබෙනවා.                                                                                  

මෙම පාපොච්චාරණය තම හිතවතුන් හට වට්ස්ඇප් මගින් යවා ඇති ඝාතකයා වන 24 හැවිරිදි අහමඩ් නම් තරුණයා ප්‍රාදේශයේ ගවයන් හා එළුවන් බලා ගැනීම රැකියාව වශයෙන් සිදු කොට තිබෙනවා.                                          

ඔහු විසින් සිදු කළ පාපොච්චාරණයේ මෙසේයි.

“මගේ නම අහමඩ්. මට වයස අවුරුදු 24 යි. මම පාසල් යන කාලයේ හොඳින් ඉගෙන ගත්තත් නොයෙක් ප්‍රශ්න නිසා ඉහලට ඉගෙන ගන්න බැරි වුණා. ඉන් පසුව තමයි මම නරක මිතුරු ඇසුරට වැටුණේ. මේ මිතුරු ආශ්‍රයෙන් මම ගංජා, මත් ගුලි ඇතුළු මත් ද්‍රව්‍යවලට ඉතාමත් බරපතළ ආකාරයෙන් ඇබ්බැහි වුණා. මට දිනපතා මත්ද්‍රව්‍ය භාවිතා නොකොට ඉන්න බැරි තත්ත්වයට පත් වුණා. අපේ ගමේම  මත්ද්‍රව්‍ය විකුණන අය ඉන්නවා. ඒ අයගෙන් තමයි මම මේවා ගන්නේ. මත්ද්‍රව්‍ය භාවිතයේ අවසානය තමයි මම මිනීමරුවෙක් වුණු එක. මේ සිද්ධිය වුණ දවසේ උදේම මම මත් ගුලි දෙකක් කාලා තණකොළ කපන්න තමයි පාර දිගේ ආවේ. මම මත් ගතියෙන් මෙහෙම ටිකදුරක් යනකොට තමයි ඔය කෙල්ල දැක්කේ.

මම මීට කලින් එයා දැකලා තියෙනවා. මේ කෙල්ල දැක්කම මට හිතුනා දවල්ට මත්ද්‍රව්‍ය ගන්න මේ කෙල්ලගෙන් සල්ලි ඉල්ල ගන්න ඕනේ කියලා. එහෙම ගිහින් පාරේ පාළු තැනක් වන සොහොන් පිට්ටනිය ළඟදි මම ඒ ගෑණු ළමයගෙන් සල්ලි ඉල්ලුවා. එතකොට ඒ කෙල්ල මට බැන්නා. අපි අතරේ බහින්බස්වීමක් වුණා. එතකොට එයා මට ගහන්න අත ඉස්සුවා. මමත් ඒ කෙල්ලට ගැහුවා. එතකොට ඒ කෙල්ල හයියෙන් කෑ ගැහුවා. මම එයාගේ කට තද කරලා වැහුවා. එතකොට එයා මගේ මුහුණ, ඇඟ පහුරු ගෑවා. එතකොට තමයි මම එයාගේ බෙල්ල මිරිකුවේ. ඊට පස්සේ කෙල්ලගේ බෙල්ල කඩාගෙන වැටුණා. මම බයවෙලා ඒ කෙල්ල ටිකක් ඈතට ඇදගෙන ගිහින් පොඩි වලක් කපල වළ දැම්මා.

ඊට උඩින් තණකොළ රොඩු දාලා වැහුවා. මත්ද්‍රව්‍යවලට අධික ලෙස  ඇබ්බැහි වෙලා මගේ ඔලුව විකාර වෙලා තිබුනේ. වෙන දෙයක් ගැන හිතුණේ නෑ. මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් හොයා ගැනීම විතරයි ඔළුවේ තියෙන්නේ. මම දැන් මිනී මරුවෙක්. මේ ඝාතනයෙන් පස්සේ මගේ ජීවිතයත් විනාස උනා. මට ආයෙ ලෝකෙට මුහුණ දෙන්න බෑ. මට දැන් නිදහසක් නෑ කියලා මම දන්නවා. මම පොලිසියට භාර වෙන්න තීරණය කළා. මම අවසානයට හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා. කිසි කෙනෙක් විහිළුවටවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා. එහෙම කරොත් තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි අනුන්ගේ ජීවිතත් විනාශ වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය නිසා තමයි මට මේ විනාශ සිදු වුණේ. අර ගැහැණු ළමයාගේ ජීවිතෙත් නැති වුනේ.”

Example Image