hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 24, ප.ව. 3:39



12 හැවිරිදි දැරියක් රවටා පාසල් නිල ඇඳුමෙන් ඥාතියකුගේ නිවසට රැගෙන ගොස් අපහරණය කර බණ්ඩාරගම බස් නැවතුම්පොළ අසළ දමා ගිය 19 හැවිරිදි තරුණයකු සහ ඊට ආධාර අනුබල දුන් අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය සඳහන් කළා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

දැරියගේ මව දැරිය සමඟ පොලීසියට පැමිණ කරන ලද පැමිණිල්ලක් අනුවයි සැකකරු සහ අඹු සැමි යුවල අත් අඩංගුවට ගෙන ඇත්තේ.

 දැරිය අධ්‍යාපනය ලබන බණ්ඩාරගම ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් දැරිය පාසල වෙත නොආ බවට ජංගම දුරකථනය හරහා මවට දැනුම් දීමෙන් අනතුරුව මව විසින් දැරිය සන්තකයේ තිබෙන ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන විමසීමේදී මිතුරකුගේ නිවෙසට පැමිණි බවට දැරිය පවසා තිබූ බව පොලිසිය සඳහන් කළා.

පාසල් වේලාව නිමවීමෙන් පසුව දැරිය මවට දුරකථන ඇමතුමක් ගෙන බණ්ඩාරගම බස් නැවතුම්පොළ අසල සිටින බවට පැවසීමෙන් අනතුරුව මව පැමිණ දැරිය සමග පොලිසියට පැමිණි බව පොලිස් නිලධාරිනියක් පැවසුවා.

අනතුරුව බණ්ඩාරගම පොලිසියේ නිලධාරිනියන් විසින් දැරිය ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී ඉකුත් වෙසක් පොහෝ දින දන්සලක් අසලදී වස්කඩුව නුගගොඩ ප්‍රදේශයේ තරුණයකු හඳුනාගත් බවත් එය ප්‍රේම සබඳතාවයක් බවට පත්වීමෙන් අනතුරුව ඔහුගේ ඉල්ලීම මත තමන් ඔහු හමුවට ආ බවත් දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වී තිබෙනවා.

එම තරුණයා විසින් දැරියව ත්‍රීරෝද රථයක නංවාගෙන බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ තරුණයාගේ නැන්දගේ පුතාගේ  නිවසට ගිය බවට ප්‍රකාශයකින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම නිවස කරා ගිය පොලිස් නිලධාරීන් එහි සිටි අඹු සැමි යුවළ අත්අඩංගුවට ගෙන අනාවරණය වූ තොරතුරු අනුව දැරිය රවටා අපහරණය කල තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 19 හැවිරිදි සැකකරු වස්කඩුව නුගගොඩ පදිංචිකරුවෙක්.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.