hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2023 අගෝස්‍තු 13, පෙ.ව. 4:26



ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියගේ සහ ඇගේ පෙම්වතාගේ නිරුවත් ඡායාරූප දියණියගේ යෙහෙළියක් විසින් අන්තර්ජාලය මුදා හැර තිබෙන පුවතක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය නිළියගේ දියණිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිගණකය අපරාධ ඒකකය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

සිය ජංගම දුරකථනයේ තිබූ තමාගේ සහ තම පෙම්වතාගේ නිරුවත් ඡායාරූප යෙහෙළියක් විසින් අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත් පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.