hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2023 ජූලි 07, ප.ව. 12:51



පියාගේ ජංගම දුරකථනය පාසලට ගෙන ගිය පසු විදුහල්පතිවරයා භාරට ජංගම දුරකථනය ගැනීම හේතුවෙන් පහලොස් හැවිරිදි පාසල් සිසුවියක වස පානය කර සිය දිවිනාසා ගෙන ඇතැයි ගලෙන්බිදුණුවැව හුරුළුනිකවැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් අංක 617/B ජනසිරී ගම හුරුලුනික වැව ලිපිනයේ පදිංචි ගලෙන්බිදුණුවැව හුරුළුනිකවැව අනුර විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියක් මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බවට ගලෙන්බිදුණුවැව පොලීසිය පවසනවා.

මෙම ශිෂ්‍යාව ඉකුත් 04 වැනි දින ජංගම දුරකථනයක් රැගෙන පාසලට ගෙන ගොස් ඇති අතර, අදාළ ජංගම දුරකථනය විදුහල්පතිවරයා භාරයට ගෙන පසු දින පියා සමඟ පාසලට පැමිණෙන ලෙසට විදුහල්පතිවරයා අවවාද කර ඇති අතර, ඒ හේතුවෙන් මෙම ශිෂ්‍යාව වස පානය කර ඇතැයි පවසනවා.

බැටරිය ආරෝපණය නොවීම හේතුවෙන් භාවිත නොකර නිවසේ ඉවත දමා තිබූ තම පියාගේ ජංගම දුරකථනයක් නිවැසියන්ට ‌හොර රහසේ වෙනත් බැටරියක් යොදා ක්‍රියාත්මක කර එය පාසලට රැගෙන ගොස් ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට තොරතුරු ලැබී ඒ පිළිබඳ සොයා බැලීමට එම සිසුවියගේ බෑගය පරික්ෂා කල විදුහල්පතිවරයාට ජංගම දුරකතනය හමුවීමෙන් පසු සිය භාරයට ගෙන ඇති අතර ඒම පාසලේම ඉගෙනුම ලබන එම සිසුවියගේ සහෝදරයා ගෙන්වා සොහොයුරිය විසින් පාසලට ‌ගෙන එන ලද ජංගම දුරකථනය නැවත ලබා දීම සඳහා පසු දින පියා සමඟ පැමිණෙන්නැයි අවවාද කර තිබෙනවා.

එදිනම පාසල නිමවී සවස් කාලය සිසුවියගේ සොහොයුරා සිය දෙමාපියන්ට විදුහල්පතිවරයාගේ පණිවිඩය ලබා දී ඇති නමුත් දෙමාපියන් කිසිවක් සිසුවියට නොපවසා පසු දින පාසල වෙත යාමට සුදනම් වන බව පමණක් දැනුම්දී ඇති බව මුලික පොලිස් විමර්ශණ වලින් අනාවරණය වු බව ගලෙන්බිදුණුවැව පොලිසිය අනාවරණය වී තිබෙනවා.

නමුත් ඉන් කලබලයට හා බියට පත් වී ඇති දැරිය නිවසේ තිබූ සිය පියා ගොවිතැන් කටයුතු සඳහා භාවිත කිරිමට ගෙනවිත් පියාගේ කාමරයේ තබා තිබු වස වර්ගයක් පානය කර ඇති බව වාර්තා වෙනවා.

පෙරේදා (05) උදෑසන 6.00 පමණ සිසුවිය තම පියාගේ කාමරයේ තිබු වස බෝතලයෙන් අවුන්ස 02 කට ආසන්න ප්‍රමාණයක් පානය කොට සිසුවියට වෙන් කර තිබු කාමරයේ දොර වසාගෙන ඇදෙහි නිදා සිටියදී යම් කෙදිරියක් ඇසී දෙමාපියන් විපරම් කර බලන අවස්ථාවේ ඇය වස පානය කොට ඇති බව දැක කඩිනමින් ගලෙන්බිදුණුවැව ග්‍රාමිය රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර ඇති අතර එම රොහල් වෛද්‍ය කණ්ඩායම වැඩිදුර ප්‍රතිකාර සදහා ගිලන්රථයක් මගින් වස පානය කළ සිසුවිය කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඇය මිය ගිය බව රොහල් ප්‍රකාශකයකු සදහන් කර සිටියා.

මේ පිළිබඳ ගලෙන්බිඳුණුවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ, 05 වැනිදා උදෑසන 06.30ට පමණ ශිෂ්‍යාව සිය නිවසේ දී වස පානය කර ඇති බවයි.

මේ අතර වාර්තා වන අන්දමට ඇය යම් ප්‍රේම සම්බන්ධයක් පිළිබද මිට පෙර අවස්ථාවක දැරියට තම පියා විසින් අවවාද කොට තිබු බවත්ය.

සිද්ධියට අදාළ වැඩිදුර පරික්ෂණ ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.