hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 11, ප.ව. 3:29



පසුගිය අගෝස්තු 03වන දින සිට අතුරුදන්ව සිටි වයස අවුරුදු 14ක බාල වයස්කාර දැරිය හා වයස අවුරුදු 18ක පිරිමි ළමයා ලුණුගල උඩකිරුව කැලෑ ප්‍රදේශයේදී  අද (11) පෙරවරුවේදී සොයාගත් බව ලුණුගල පොලීසිය පවසයි.

ලුණුගල උඩකිරුව අලබැද්දේගෙදර ලිපිනයේ පදිංචි 18 හැවිරිදි තරුණයා සහ ලුණුගල 27 කණුව ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරිය මෙසේ අතුරුදන්ව දින 8කට පසුව අද දිනයේදී සොයාගත් අතර උඩකිරුව කැලෑ ප්‍රදේශයේ මෙම තරුණයා සැරිසරන බවට ලද තොරතුරක් ඔස්සේ පැල්ගහතැන්න විශේෂ කාර්ය බළකාය හා ලුණුගල පොලීසිය එක්ව සිදු කල සෝදිසි කිරීමේදීයි මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම දෙදෙනාත් සමගින් සැකකරුවෙකු ලෙස හදුනා ගන්නා ලද වයස අවුරුදු 53 ක් වන දැරියගේ නිවසේ වසර 18 ක් පදිංචිව සිටි එගොඩ වත්ත, බේරුවල ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්ද අත් අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙම තිදෙනා අතුරුදන් දින සිට මෙී දක්වා උඩකිරුව කැලෑ ප්‍රදේශයේ කදු ආශ්‍රිතව තැනින් තැන ආරක්ෂිතව කල් ගෙවා ඇති බවත් රාත්‍රී කාලය ගල් ලෙන් වල ගත කර ඇති බවටත් මූලික විමර්ශණයේදී අනාවරණය කරගෙන තිබෙනවා.

අද (11) දිනයේදී මෙම තිදෙනා උඩකිරුව කැලෑ ප්‍රදේශයේ එකම ස්ථානයක සිට ඇති අතර ආහාර අවශ්‍යතාවය මත 18 හැවිරිදි පුද්ගලයා ගම්මානයේ හුදකලාව පිහිටි නිවසකින් ආහාර සොරා ගැනීම සදහා පිටව ගොස් සිටියදී මෙම මෙහෙයුම් කණ්ඩායම් මගින් අත්අඩංගුවට ගැනීම හා ඒ අනුව අනෙකුත් දෙදෙනාද අත් අඩංගුවට ගෙන ලුණුගල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට සමත්ව තිබෙනවා.

සිද්ධියට අදාල ඉදිරි විමර්ශණ කටයුතු ලුණුගල පොලිස් ස්ථානය මගින් ආරම්භ කර ඇති අතර දැරිය සම්බන්ධයෙන් වෙෙද්‍ය වාර්තා ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

බදුල්ල – ජයලත් දිසානායක