hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 27, ප.ව. 12:24



ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් අයකැමි හා අවි ජාවාරම්කරු ලෙස කටයුතු කල පුද්ගලයා නවලෝක ක්‍රීඩාංගණය  පිවිසුම අසල දී හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

සැකකරු යුද්ධ හමුදා සේවයෙන් පලා ගිය ලාන්ස් කෝප්‍රල්වරයෙක්.

සැකකරු සන්තකේ තිබියදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 400ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ  නිලධාරීන් සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ වැල්ලම්පිටියේ සේදවත්ත නව කැළණි පාලම යට සඟවා තිබූ බෝම්බය සහ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත් මාර්තු මාසයේදී  වෙනත් නමකින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන  කත්මන්දු  වෙත ගොස් අනතුරුව ඩුබායි රාජ්‍ය බලා ගොස් මෙම මස 11 දින  මෙරටට පැමිණි ඇති පුද්ගලයෙක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වයස අවුරුදු අවුරුදු 31 වන සැකකරු  මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.