hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 07, ප.ව. 5:50



මුහුදු මාර්ගය ඔස්සේ ඕස්ට්‍රේලියාව බලා පිටත් වීමේ අදහස ඇතුව ලැගුම් හලක නවාතැන් ගෙන සිටි පිරිසක් පොලීසිය සහ නාවුක හමුදාව එක්ව සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාරවිල – දෙමටපිටිය ප්‍රදේශයේ ලැගුම්හලක සැකකටයුතු පිරිසක් නවාතැන් ගෙන සිටින බවට වන තොරතුරක් පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලැබී ඇත.එම තොරතුරට අනුව 07 වැනිදා අළුයම වැටලීම සිදු කර තිබෙනවා.

ලැගුම් හලේ නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 11 දෙනෙකුව මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් අතර වයස අවුරුදු 09 ක පිරිමි දරුවෙකුද වෙනවා.

එම පිරිස යාපනයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන තිබෙනවා.

මෙම කණ්ඩායම යාපනයේ සිට මාරවිලට කැදවාගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ ජාවාරමට සම්බන්ධ මහවැව – තොඩුවාව පදිංචිකරුවෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස යාපනයේ සිට මාරවිලට ප්‍රවාහනය කිරීම සදහා යොදා ගත් වෑන් රථයක් සහ මෝටර් කාර් රථයක්ද, සැකකරුවන් සතුව තිබූ දුරකතන හා ආහාර ද්‍රව්‍යයද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා මාරවිල පොලීසියට බාර දී තිබෙනවා.