hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 19, ප.ව. 7:13



මෘදුකාංග ඉංජිනේරුවරයෙකුට අයත් රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනා ලෑන්ඩ් කූශර් වි එයිට් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය රුපියල් ලක්ෂ 30කට උකස් තැබූ නුගේගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කළා.

එම ජීප් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මාසිකව රුපියල් දෙලක්ෂ 80000 මුදලක්ල ලබා දෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුව කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා දෙන ස්ථානයකට ලබාදුන් සුඛෝපභෝගී ජීප් රථය අස්ථානගත කර ඇතැයි රාජගිරිය ප්‍රදේශයේ මෘදුකාංග ව්‍යාපාරිකයකු පැමිණිල්ලක් කර තිබුණා.

එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා දෙන පුද්ගලයා සොයා පරීක්ෂණ පැවැත්වීමේදී ඔහු ප්‍රදේශය අත්හැර පලා ගොස් තිබූ අතර වාහන සවිකර තිබූ ජී පි එස් තාක්ෂණය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එය සෙල්ල කතරගම ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණ කර ගැනීමට පොලිසියට හැකි වී තිබුණා.

ඒ අනුව පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සෙල්ල කතර ගමට ගොස් අදාල ජීප් රථය සමග එය පැදවූ රියැදුරු පොලිස් භාරයට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී නුගේගොඩ ප්‍රදේශයේ වාහන අලෙවි කරන ස්ථානයක ව්‍යාපාරිකයෙකු දෙමටගොඩ සිය ආයතනය වෙත පැමිණ මෝටර් රථ පැවරීමේ පෝරමයක් සමඟ වාහනය ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 30 කට උකස් තැබූ බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

එම පුද්ගලයාගේ ප්‍රකාශ මත සුඛෝපභෝගී ජීප් රථයේ උගස් තැබූ බව කියන නුගේගොඩ වාහන අලෙවි ස්ථානයේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසුවා.

ඔහුගේ ව්‍යාපාර මේ වන විට පාඩු තත්ත්වයේ පැවතීම හේතුවෙන් මෙම වංචාව සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළා.

පළා ගොස් සිටින කොල්ලුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත පාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති අපරාධ සරත් කුමාර, බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර පොලිස් සැරයන්වරුන් වන 40248 ප්‍රසන්න, 69598 අනිල්, 72979 චමින්ද, පොලිස් කොස්තාපල්වරුන් වන 72338 ලලන්ත 84762 කුමාර මහත්තුරු පරීක්ෂණ පවත්වනවා.