hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 08, ප.ව. 4:42



කළුතර ලැගුම්හලක පස් වන මහලින් බිමට ඇද වැටී අභිරහස් ලෙස මියගිය බව කියන 16 හැවිරිදි රූමත් පාසල් සිසුවිය එම ලැගුම්හලට රැගෙන ආ බව කියන මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන සිසුවිය සමග ලැගුම්හලට ගිය බව කියන තරුණයකු සහ තරුණියක එළඹෙන 15 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති අතර මෝටර් රථය සඟවාගෙන සිටි ප්‍රධාන සැකකරුගේ මිතුරකු බව කියන පුද්ගලයා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවසුවා.

සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ඩි.කේ වෙනුරජිත් මහතා විසින් කළුතර නාගොඩ මහ රෝහලේදී පවත්වා ශරීර කොටස් හා රුධිර සාම්පල් වගේ රස පරීක්ෂක වෙත යොමුකර විවෘත තීන්දුවක් ලබා දුන් බව පොලිසිය සඳහන් කළා.

දැරියගේ ශරීරයේ ස්ථාන කිහිපයක දත් පහරවල් දක්නට ලැබී ඇතැයි ද සඳහන්.

මියගිය සිසුවිය සමග ලැගුම් හලට ආ බව කියන විසි නව හැවිරිදි පුද්ගලයා විවාහකයකු බවත් ඔහු සෙල්ලක්කාර ජීවිතයක් ගත කිරීම පුරුද්දක් කරගෙන තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

වන විට එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ