hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 09, පෙ.ව. 7:06



කළුතර ලැගුම්හලක පස්වන මහලින් 16 හැවිරිදි පාසල් සිසුවියකත් අභිරහස් ලෙස ඇද වැටී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි 29 හැවිරිදි ප්‍රධාන සැකකරු වන විවාහක පුද්ගලයා මීට සුළු මොහොතකට පෙර දී හික්කඩුව ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව කලුතර දකුණ පොලිසිය පවසනවා.

ඉකුත් 6 වෙනි දින සැකකරු දැරියව මෝටර් රථයකින් හෝටලය වෙත රැගෙන ගොස් තිබුණා.

මඳ වේලාවකට පසු සැකකරු හා ඔවුන් සමඟ හෝටලයට ගිය බව කියන තවත් තරුණයකු හා තරුණියක හෝටලයෙන් පිටව ගොස් තිබූ අතර  සිසුවිය අභිරහස් ලෙස හෝටලයේ පස්වන මහලින් දුම්රිය මාර්ගයට ඇද වැටී මිය ගොස් තිබුණා.

මේ වන විට තරුණියගේ මරණය සම්බන්ධයෙන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතයි.

කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.