2023 ජනවාරි 17, ප.ව. 2:34
මහනුවර නගරයේ ප්‍රසිද්ධ විදුහලක ක්‍රීඩාංගනය භාර ව කටයුතු කළ ආරක්ෂක නිලධාරියා ඝාතනය කර තිබෙනවා.
මොහුගේ මළසිරුර අද (17) උදෑසන පොලීසිය සොයා ගෙන ඇත්තේ ක්‍රීඩාංගනය ආසන්නයේ තිබූ ගොඩනැගිල්ලක් තුල තිබියදීයි.
පොලීසිය සඳහන් කළේ, ඔහුගේ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ දී අත්පා බැඳ දමා තිබූ බව යි.
එමෙන්ම, මුහුණෙහි තුවාල කිහිපයක් දක්නට ලැබුණු බව ද විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.
හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කුමාර සම්පත් නමැති පුද්ගලයෙකුයි මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ.
ඝාතනය කර ඇති ආකාරය සහ ඝාතනය සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.
2023 පෙබරවාරි 03, පෙ.ව. 11:20
2023 පෙබරවාරි 02, ප.ව. 7:57
2023 පෙබරවාරි 02, ප.ව. 5:39
2023 ජනවාරි 31, ප.ව. 5:56
2023 ජනවාරි 30, ප.ව. 3:20