hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 මැයි 02, පෙ.ව. 9:22



කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථය පැදවු රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස 14 හැවිරිදි දරුවෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ඩිෆෙන්ඩර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරෙන් යතුරුපැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ කනදුල්ල ප්‍රදේශයේ දී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ඩිෆෙන්ඩර් රථයක් මෙලෙස මුහුණට මුහුණලා ගැටී ඇති බවයි.

සිද්ධියෙන් අවුරුදු 39ක් වයසැති කුලියාපිටිය – කුරුදල්පොත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගියා.