hit counter

2024 දෙසැම්‍බර් මස 10 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 04, ප.ව. 12:05



ගෙදර එන්න රෑ වුනොත් මහල් නිවසේ ජනේලයෙන් සිය නිවසට ඒමට පුරුදු වී සිටී එක්දරු පියෙකු සයුරු පුර මහල් නිවාස සංකීර්ණයේ තුන් වෙනි මහලෙන් පෙරේදා (02) අලුයම බිමට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව අඟුලාන පොලිසිය පැවසුවා.

 මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අගුලාන සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලේ පදිංචිව සිටි රසික සම්පත් මාටින් නමැති අයෙක්.

මරණකරු තුන් වෙනි මහලෙන් බිමට වැටී ඇති අයුරු කසල ගෙනයන්නට පැමිණි නගර සභා ලොරියෙ අයකු දැක පොලිසියට කළ දැනුම් දීම්ට අනුව මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පැවසුවා.

ඔහුගේ බිරිඳගෙන් සහ දෙමව්පියන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම මරණකරු අලුයම 2ට පමණ  සයවෙනි මහලේ පවතින මළගෙදරකට යෑමට පිටත් ව ඇතැයි පොලිසිය සඳහන් කළා.

 සාමාන්‍යයෙන්  රාත්‍රියේ ගෙදරට පැමිණෙන අවස්ථාවන්වලදී නිවැසියන්ගේ නින්ද කැඩීමට අකමැති බව කියන මෙම  පුද්ගලයා කොරිඩෝව දිගේ පැමිණ තුන්වන මහලේ ජනේලයෙන් නිවසටට ඇතුළු වීම පුරුද්දක් ලෙස සිදු කළ බව ඔහුගේ නිවැසියන්ගෙන් ලද කටඋත්තරයේ සඳහන් බව පොලීසිය පැවසුවා.

එසේ ජනේලයෙන් නිවසට පැමිණීමේ දී  මොහුට යම් අනතුරක් සිදුවූයේ ද එසේත් නොමැති නම් මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න බව සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසා සිටියා.

වෘත්තියෙන් ධීවරයෙකු බව කියන මෙම මරණකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙක් බව පොලිසිය සඳහන් කළා.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් අඟුලාන පොලිස් ස්ථාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒකනායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රංජිත් පොලිස් සැරයන් ප්‍රසන්න යන නිලධාරීහු සිදු කරනවා.

Example Image