hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 07, පෙ.ව. 10:13



පවුල් ආරවුලක් මුල් කර ගෙන පියා අම්බලමක බාල්කයේ එල්ලි වයස අවුරුදු 6 සහ 9 ක් වයසැති දුව පුතාද ඝාතනය කර  සිටියදි අරණායක පොලිසිය විසින් ඊයේ (06) උදෑසන සොයා ගෙන තිබෙනවා.

මෙම ඝාතනය සිදු වි තිබුණේ අරණායක පොලිස් බල ප්‍රදේශයේ පොල්අඹේගොඩ ගොඩිගමුව වෙල්යාය මැද ඇති ඉපැරණි අම්බලම ඇති ස්ථානයේයි.

පොලිසිය සැක පහල කරන්නේ ඝාතනය සිදු වන්නට ඇත්තේ මධ්‍යම රාත්‍රීයේදි හෝ අලුයම් කාලයේදි විය හැකි බවයි. 

සිද්ධිය වු ස්ථානයේ ප්‍රදේශවාසීන් බොහෝ පිරිසක් ඇඩු කදුලින් මෙම සිදු විම දැක බලා ගැනීමට එක් රොක් වි සිටි අතර මෙම සංවේදි සිදුවිම ඉපැරණි අම්බලම තුල සිදු වි තිබුණා.

එම මාර්ගයට කිලොමිටරයක් දුරකින් දරුවන්ගේ මවගේ නිවසද පිහිටා තිබෙනවා.

33 හැවිරිදි පියා අම්බලමේ ප්‍රධාන බාල්කයේ එල්ලී සිටි අතර දරුවන් දෙදෙනා පියා එල්ලි සිටි ස්ථානයේ බිම සිටිනු දැක ගත හැකි වුණා.

පියා එල්ලී සිටි ලණුව ආසන්නයේ තවත් ලණු දෙකක් වු අතර එම ලණු කැඩි ගොස් තිබුණා.

මිය ගොස් ඇති දියණියගේ පාදය ආසන්යේ එක් ලණුවක් දැක ගැනීමට හැකි වුණා.

දරුවන්ගේ පාවහන් සහ පියාගේ පාවහන් එකම ස්ථානයේ තබා තිබු අතර දරුවන්ගේ පියා ඝාතනය වු ස්ථානයේ කොන්ක්‍රීට් ලෑල්ල මත ජංගම දුරකථනයක්ද දැක ගත හැකි වුණා.   

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු මිය දරුවන්ගේ මවගේ පියා වන 61 හැවිරිදි නිමල් විමලසුරිය අදහස්  දක්වමින් මෙසේ පැවසුවා.

“මේ මිය ගිහින් මාගේ බෑනා සහ මාගේ දුවගේ එකම දරුවන් දෙදෙනා. දුවයි පුතායි. බෑනාගේ අම්මාගේ මහ ගෙවල් තියෙන්නේ ගිරිඋල්ලේ දැනට මාස දෙකට කලින් දරුවන් පාසල් ගිහින් හිටියේ අපේ ගෙදර අරණායක ගොඩිගමුවේ. බෑනා දරුවන් පාසල් වලින් අස් කරගෙන දුවත් එක්කම ගිරිඋල්ලට එක්ක ගියා. එහේ ඉන්නකොට දෙන්නා ආරවුලක් ඇති කරගෙන මාගේ දුව අපිට කතා කරලා කිවා කඩුවක් අරන් මං පස්සේ පන්නනවා මරන්න කියලා. දුව කතා කලේ හැංගිලා ඉදලා අපි ඊට පස්සේ ත්‍රීවිල් එකක් අරන් ගිහින් දුව ගොඩිගමුව ගෙදරට එක්ක ආවා. 05 වැනිදා උදේ අරණායක පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල විභාග කරන්න තිබුණේ 06 වැනිදා උදේ 10 ටයි. 05 වැනිදා හවස බෑනා දරුවන් දෙදෙනා බයිසිකලයෙන් ගොඩිගමුව අපේ ගෙදරට ආවා. 

දරුවන් ඇවිත් කෑම බිම කලා අයිස් ඔනෑ කිවා මම කිවා ෆ්‍රිජ් එකේ ඇති කන්න කියලා ඒවාත් කලා සතුටින් හිටියා. හවස බෑනා යන්න ලෑස්ති වුනා දරුවන් දෙදෙනා එක්ක මම කිවා දරුවන් අරන් දැන් යන්න ඔනෑ නැහැ. හෙට නැවත එන්නත් ඔනෑනේ කියලා. දරුවන් පාසල් යවන්නත් ඕනෑ ඒ නිසා එක්ක යන්නම් කියලා කිවා. ඉතින් එයාගේ ළමයිනේ මට බල කරන්නත් බෑනේ. ඒ අනුව හවස 05 ට විතර එක්ක ගියා. රාත්‍රී 12.15 ට විතර කෝල් එකක් මට ආවා බෑනාගෙන්. බෑනා ගිය බයිසිකලයේ රේසර් ගියා බයිසිකලය දාලා පයින් යනවා කියලා. මම කිවා පයින් ගියාට කමක් නැහැ බොහෝම පරිස්සමින් ළමයි දෙන්නා එක්ක යන්න දරුවන්ට නිදිමතත් ඇති කියලා. උදේ එන්න කියලාත් කිවා. එහෙම ගිය පාර තමයි උදේ වෙන කොට මේ සිද්ධිය වෙලා තිබුණේ.”

සිද්ධියේ සම්බන්ධයෙන්අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂණ රාහුල කන්දේවත්ත මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් පරික්ෂණ සිදු කරනවා.