hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 15, ප.ව. 12:47



ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට හෙළිවී ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව, ඔහුට අයත් ඩොලර් මිලියන 1.5ක ජීවිත රක්‍ෂණය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ලබාගැනීමට මෙම ඝාතනය සිදුකර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

එම අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ ඔනේෂ් සුබසිංහ මහතාගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරිය වෙතයි.

ඔනේෂ් සුබසිංහ ඝාතනයෙන් පසු බ්‍රසීලයට පළාගිය ඔහුගේ බිරිඳ මෙම දේපළ තමන් සතු කරගැනීමට නොයෙකුත් උපක්‍රම භාවිත කරමින් සිටින බවද වාර්තා වෙනවා.

ඉන්දුනීසියාවේ සුපිරි මහල් නිවාසයකදී ඔනේෂ් සුබසිංහ මහතාව අබිරහස් අන්දමින් ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ මිතුරිය පළාගොස් ඇත්තේ, ඔනේෂ් සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම දුරකථන, මිලියන ගණනක් වටිනා අත්ඔරලෝසුව ඇතුළු තවත් වටිනා භාණ්ඩ රැසක් ද රැගෙන බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා.