hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 17, පෙ.ව. 10:32



කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනයට ලක්වීමට පෙර සිදුවූ සිදුවීමක්  පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.

ඔනේෂ් සුබසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ වන බ්‍රසීල ජාතික කාන්තාව අතර නිවෙසේ දී දේපළ සම්බන්ධයෙන් නිතර නිතර අඩදබර හටගෙන ඇති බවත්, “මම උඹව මරනවා” යැයි ඇය කිහිප අවස්ථාවකදීම ඔනේෂ් මහතාට මරණ තර්ජනය කර ඇති බවට හෙළි වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

නිවෙසේ සේවය කරන සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළිකරගෙන ඇති අතර සැකකාරියගේ මිතුරිය බව කියන සෙසු සැකකාරිය මීට මාස 4 ට පමණ පෙර මෙම නිවෙසට පැමිණ ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සහ සිද්ධියෙන් පසු පලාගොස් සිටින බිරිය හා ඇගේ යෙහෙළිය සොයා විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට සහ බ්‍රසීලයට යාමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.