hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2022 ජූලි 30, ප.ව. 12:23



ගම්පහ අධිකරණය ඉදිරිපිට පසුගියදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ දී තුවාල ලැබූ තවත් අයෙකු අද (30) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමන් රෝහිත පෙරේරා හෙවත් පස්පොඩ්ඩා එම වෙඩි තැබීමෙන් මීට පෙර ජීවිතක්ෂයට පත්වූ අතර, අද මියගිය 52 හැවිරිදි පුද්ගලයා ඔහුගේ සමීපතමයෙකු බවටයි වාර්තා වුණේ.

නඩු වාරයකට සහභාගී වී පිටව යාමට සුදානමින් සිටිය දී පස් පොඩ්ඩා නැමැත්තා ඇතුළු පිරිසකට මෙම වෙඩි ප්‍රහාර එල්ල වූයේ පසුගිය 27 වනදා ගම්පහ පළාත්බද මහාධිකරණය ඉදිරිපිටදීයි.