hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 10, ප.ව. 6:56



බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ සුසාන භූමියක සොහොන්ගෙයි පිටුපස සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ හයක්  සොයා ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

සොයාගත් සි එෆ් 98 වර්ගයේ එම ගිනිඅවිය චීනයේ නිෂ්පාදිත ආරක්ෂිත අගුළු දෙකක් සහිත මිලි මිටර් 9 වර්ගයේ උණ්ඩ 16 ක් යෙදිය හැකි විශේෂිත වර්ගයේ ගිනි අවියක් බවත් මෙතෙක් ආරක්ෂක  අංශවල ද වලට ද අපි කතා නොකරන එකක් බවට පොලිසිය සඳහන් කළා.

හංවැල්ල ආපන ශාලා හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතනය කිරීම් රැසකට සම්බන්ධ ව සිටියදී අත්අඩංගුවට ගත් සංඛ  ද සිල්වා නොහොත් බුරු මුනා  නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සොහොන් ගෙය සහ තාප්පය අසල කොටසෙයි වල දමා තිබියදී ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

හංවැල්ල ආපන ආපන ශාලා හිමිකරු ඝාතනයෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොලින් විදේශගත වීම සඳහා මිනිස් සිටියදී පොඩි පොලිස් අත්අඩංගුවට පත් පත් වීමෙන් අනතුරුව පලා ගොස් සැඟව සිටි බණ්ඩාරගම රයිගම මල් වත්ත ප්‍රදේශයේ නිවසට ආසන්නයේ සුසාන භූමියේ මෙම ගිනි අවිය සඟවා තිබූ බව පොලිසිය සඳහන් කළා.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන යටතේ දින 90ක කාලයකට රඳවාගෙන ප්‍රශ්න කරන බුරු මුනා රයිගම මල්වත්ත පාරේ නිවසේ සැඟව සිටියදී ඉතාලියේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ රත්ගම විදුර නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන විදේශගතව සිටින ඩිලාන් නමැත්තා දුරකථන ඇමතුමක් ලබාදී  ගිනි අවිය සහ ජීව උණ්ඩ ඔහු නැවතී සිටි නිවෙස ආසන්නයේ සොහොන්ගෙයි තුළ ඇති බවත් නැවත දුරකථන ඇමතුමක් ලබා දෙන තෙක් එය ආරක්ෂිත ස්ථානයක ළඟම තබන ලෙස උපදෙස් ලබා දී තිබූ බව සැකකරුගෙන් අනාවරණය වී යැයි පොලීසිය කියා සිටියා.

එලෙස උපදෙස්  ලබාදී ඇත්තේ බුරු  මුනා ලවා තවත් ඝාතනයක් සිදු කිරීම සඳහා යැයි  සැකකරු පාපොච්චාරණය කළ බව පොලිසිය සඳහන් කළා.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නයිට පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ  පරීක්ෂක හේමන්ත කුමාර උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර , පොලිස් සැරයන් 40248 ප්‍රසන්න  72979 චමින්ද පොලිස් කොස්තාපල් 84762  කුමාර ,104675 වීරකෝන් 104888 තිසේරා, කොස්තාපල් 18818 තිලකසිරි මහත්තුරු පරීක්ෂණ පවත්වනවා.