hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 24, ප.ව. 2:01



පැමිණිල්ලක් විභාග කිරිමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට හා පොලිස් පරික්ෂකවරයකුට කැත්තකින් පහරදි බරපතල තුවාල කළ පුද්ගලයකු මෙල්ලකිරිමට ගිය පිටිගල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ජිව අත්බෝම්බයකින් පහරදිමට උත්සාහ කිරිමේදී ස්ථානාධිපතිවරයා විසින් තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබිමෙන් බරපතල තුවාල ලැබු එම පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව පිටිගල පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ මානානහේන තල්ගස්පේ පදිංචි ප්‍රසන්න විජේවර්ධන (38) නැමති අයෙක්.

මොහුට විරුද්ධව ඇති පැමිණිල්ලක් විභාග කිරිම සදහා දිවා මුර සංචාරයේ රාජකාරියේදි සිටි පොලිස් කොස්තාපල් 78812 කරුණාරත්න නිලධාරියා ඊයේ (23) දහවල් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

පොලිස් නිලධාරියා විසින් පැමිණිල්ල සම්බන්ධ විමසිමේ දී මොහු පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් බැන වැදී නිවසේ තිබු කැත්ත රැගෙනවිත් ඔහුට පහරදි තිබෙන අතර මොහු පොලිස් නිලධාරියා පැමිණි යතුරුපැදියට ද පොලුවලින් පහරදී අලාභහානි සිදුකොට ඇතැයි වාර්තා වනවා.

ප්‍රදේශවාසින් විසින් පොලිස් නිලධාරියා එම ස්ථානයෙන් ඉවත්කරගෙන තිබෙන අතර මේ පිළිබද 1990 පොලිස් හදිසි  දුරකථන ඇමතුම් අංශයට දැනුම් දි තිබෙනවා.

පසුව පිටිගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරින් කණ්ඩායමක් සමග එම ස්ථානයට පැමිණ තිබෙන අතර එම අවස්ථාවේ දි පොලිස් ස්ථානාධිපතිවරයා සමග පැමිණි පොලිස් පරික්ෂක ජයන්ත ද සිල්වා මහතාට මොහු කැත්තෙන් පහරදී තිබෙනවා.

පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළ නිලධාරින් මොහු මෙල්ල කිරිමට දැඩි උත්සාහයක් දරා තිබුණද මොහුගෙන් එල්ලවන ප්‍රහාර වැලැක්විම සදහා ප්ලාස්ටික් පුටු දෙකක් අල්ලා ඇති අතර ඔහු එම පටුදෙකම කැත්තෙන් පහරදි කපා දමා තිබෙන බව වාර්තා වනවා. පසුව මොහුගේ කැත්ත කැඩියාමෙන් පසු පොලිස් නිලධාරින්ට ජිව අත්බෝම්බයකින් පහරදිමට උත්සාහ කොට ඇති අතර එම අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සැකකරුගේ උදරයට වෙඩි තබා තිබෙනවා.

 තුවාලකරු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනයාමෙන් පසු ඊයේ (23) රාත්‍රි මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

කැති ප්‍රහාරවලට ලක්වු පොලිස් කොස්තාපල්වරයා හා පොලිස් පරික්ෂකවරයා බරපතල කැපුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

වෙඩිවැදිමෙන් මියගිය පුද්ගලයා මිනිමැරුම් නඩුවක සැකකරුවකු හා අපචාර දෙකක් සම්බන්දයෙන් චෝදනා එල්ලවි ඇති අයෙකු බවද පොලිසිය සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශන සිදුකරනවා.

ගාල්ල – ලලිත් චාමින්ද