hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 02, ප.ව. 4:44



ගල්ගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයට ඊයේ රාත්‍රී ඇතුළු වු පුද්ගලයකු හෝ පිරිසක් එහි සේප්පුව කඩා රුපියල් ලක්ෂ 16ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය සඳහන් කළා.

කොල්ලය සිදු කළ පුද්ගලයා හෝ පිරිස තැපැල් කාර්යාලයේ උඩු මහලින් ඇතුළු වි බිම් මහලට පැමිණ ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසුවා.

මුදල් තැන්පත් කළ සේප්පුව බිම් මහලේ තබා තිබි ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

සේප්පුවේ දොර කඩා ඇති බවක් පෙනෙන්නට නැති බවත් දොර විවෘත කොට මුදල් රැගෙන ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරිියෙක් සඳහන් කළා.

තැපැල් කාර්යාලයේ උඩු මහලේ දොරක් හා ඉන් බිම් මහලට ඇතුළු වන දොර ද කඩා දමා ඇතැයි පොලිසිය කියා සිටියා.

මේ සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන හෝ අත් අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය සඳහන් කරනවා.