hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 23, පෙ.ව. 11:18



රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය කරන කාන්තාවන් ඉතා රහසිගතව කෝටිපති ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ මහා ජාවාරමක් වැටලූ පොලිසිය එම ජාවාරමේ මහ මොළකරු බව කියන මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත්තා.

නොයෙකුත් ආයතනවල රාජකාරි කරන මෙම තරුණ කාන්තාවන්, බැංකු නිලධාරිනියන්, රූපලාවණ්‍ය ශිල්පිනියන් ඇතුළු ක්‍ෂේත්‍රවලට සම්බන්ධ තරුණියන් වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත උපාය දූතයන් යොදවා සූක්ෂම ලෙස ජංගම දුරකතන උපයෝගි කර ගනිමින් සිදු කරන ලද මෙම ජංගම ගණිකා ජාවාරම වටලා තිබෙනවා.

කෝටිපති ව්‍යාපාරිකයෙකුට කාර්යාලයීය සේවිකාවන් අවශ්‍ය බව කියමින් ජංගම දුරකතනය හරහා වලාන දූෂණ මර්දන නිලධාරීන් අදාළ ජාවාරම්කරුවෙකුට දුරකතන ඇමැතුමක් ලබා දී තිබෙනවා.

එහිදී ජාවාරම්කරුවන් පවසා ඇත්තේ, එක් කාන්තාවකට පැයක කාලයක් සඳහා රුපියල් 55,000ක් මුදලක් අවශ්‍ය බව ය. එම කාන්තාවන් කාර්යාලවල සේවය කරන්නියන් බැවින් ඔවුන් ඒ සඳහා පැමිණෙන්නේ (ෂෝට් ලීව්) පැය දෙකක කෙටි නිවාඩුවක් ලබා ගනිමින් බව ත් ජාවාරම්කරු පවසා තිබෙනවා.

ඒ අනුව, ධනවත් ව්‍යාපාරිකයෙකු සේ හැසිරුණු සැරයන් ජයලාල් ගණිකා ජාවාරමේ නිරත පුද්ගලයෙකුට කතා කොට තරුණියන් හතර දෙනෙකු ඇණවුම් කර ඇති අතර ඒ සඳහා එම ජාවාරම්කරුවන් පැමිණෙද්දී වලාන මර්දන ඒකකයේ නිලධාරීන් ඔවුන් අඟුරුවාතොට ප්‍රදේශයේදීයී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

තරුණියන් සිවුදෙනා සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් ද රැගෙන ගිය උපාය දූතයා එම මුදල් තැරැව්කරුවන්ට ලබා දුන් මොහොතේ නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකා ආරංචි මාර්ග කියයි.

රහසිගතව සහ සූක්ෂම ලෙස කාර්යාලයීය සේවිකාවන් අලෙවි කරන මෙම ජාලයේ එවැනි කාන්තාවන් 20කට වඩා සිටින බව ත් මෙවන් ඇණවුමක් ලැබූ සැණින් ජාවාරමේ නිරත වූවන් එම සේවිකාවන්ට දුරකතන ඇමැතුම් දී පැය දෙකක කෙටි නිවාඩුවකට ඔවුන් කාර්යාලයෙන් පිටතට ගෙන්වා ගන්නා බව ද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

කාර්යාලයෙන් ගන්නා සුළු වැටුප් නිසා මෙවන් ක්‍රියාවක යෙදී රුපියල් 15,000ක හෝ 20,000ක් ගැනුම්කරුවන්ගෙන් ලබා ගැනීම සඳහා මෙම කාන්තාවන් මෙම ජාවාරමේ නිරත වන බව අනාවරණය වී තිබේ. කාන්තාවන් 4 දෙනෙක්, එහි කළමනාකරු සහ රියැදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවෙනවා.

එක් කාන්තාවකට පැයක් සඳහා රුපියල් 55,000ක් ලබා ගන්නා අතර ඔවුන්ට පැයක් සඳහා රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලක් ගෙවා තිබේ. ඉතා රහසිගතව ජංගම දුරකතන ඔස්සේ සම්බන්ධතා පවත්වමින් මෙම කාර්යාල සේවිකාවන් ගණිකා ජාවාරමේ යෙදෙන අතර ඔවුන් ගැනුම්කරුවන්ට සැපයීම සඳහා නවීන පන්නයේ වාහන යොදා ගන්නා බවත් සිය රාජකාරිය අවසන් වූ පසු ඔවුන් නැවත කාර්යාලයට රැගෙන යන බව ත් පොලිසිය සඳහන් කරනවා.

සැකකරු අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකුගේ නම් කියමින් පොලිසියට බලපෑම් කළ බව ද වාර්තා වේ. සැකකරුවන් සහ සැකකාරියන් ඊයේ (මැයි 22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර, උපපරීක්ෂක සඳරුවන්, සැරයන් ජයලාල් (428), කොස්තාපල්වරුන් වූ සංජීව (91288), ප්‍රබුද්ධ (77981), ප්‍රියන්ත (94009), සේනාරත්න (107643), උදේශ් (80832), සමිතා (13103), දිල්හාරා (11352) යන පිරිස මෙම වැටලීමට සහභාගි වූවා.