hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 07, ප.ව. 1:42


WhatsApp
Telegram

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයකුගේ බිරියකට ලිංගික අතවර කළ බව කියන වැල්ලව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වැල්ලව පොලිසිය විසින් පෙරේදා (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමාට මෙම නිලධාරියා විසින් අතවර කළ බවට විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයාගේ බිරිය විසින් කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.එම්.යූ. චන්දන මහතාට පසුගිය 30 වෙනිදා කළ පැමිණිල්ලක් මුල් කරගෙන කුරුණෑගල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන පසුබිමක ලෙඩ නිවාඩු මත පොලිස් ස්ථානයෙන් බැහැර ගොස් සිටි මෙම නිලධාරියා වැල්ලව පොලිස් ස්ථානයට පැමිණ භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිස් තොරතුරු අනාවරණය කළේ.

විශේෂ කාර්ය බළකායේ සේවයේ නිරත පොලිස් නිලධාරියාගේ බිරිය කුරුණෑගල තෝරයායේ පදිංචිකාරියක්.

මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 7,500ක මුදල් ඇපයක් මත සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප 02ක් මත මුදාහැර තිබෙනවා.

මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.