hit counter

2025 පෙබරවාරි මස 17 වන සඳුදා

2023 ජූනි 23, පෙ.ව. 9:40



කොළඹ ප්‍රදේශයේ බාලිකා පාසලක වැඩිවියටවත් පත්ව නොමැති දස හැවිරිදි බාලවයස්කාර දැරියක් දුම්වැටිවලින් පුලුස්සා අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන සැකකරුවකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (22) පොලිසියට නියෝග කළා.

අදාළ දැරිය සිය මව භාරයේ රෝහල්ගත කර තබා ඇයට ප්‍රතිකාර ලබාදෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

මෙම දැරිය කිසියම් අපහසුතාවකින් සිටින බව දැනගෙන ඇති ඇගේ පන්ති භාර ගුරුවරිය ඇයව පොලිසිය වෙත රැගෙන ගොස් සිදුකළ පැමිණිල්ලක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බවද පොලිසිය අධිකරණයට දැන්වූවා.

ඒ අනුව අදාළ දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු වෙත යොමු කළ බවත් ඇය අවස්ථා කිහිපයකදී දූෂණයට ලක්වී ඇති බව අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන් වන බවද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක කරන පිරිසක් ගෙන්වා ඇයට පෙන්වූ නමුත් ඇයට ඔවුන් හඳුනා ගැනීමට නොහැකි වූ බවද පොලිසිය අධිකරණයට දැන්වූවා.