hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 10, පෙ.ව. 10:53



දාහතර හැවිරිදි වියේ පසුවන බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක්කල බව කියන එම දැරියගේ පෙම්වතා ඊයේ (09) අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා 17 හැවිරිදි වියේ පසුවන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දැරිය අක්මීමන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මොවුන් දෙදෙනා අතර කාලයක සිට ප්‍රේම සම්බන්දතාවයක් තිබී තිබෙනවා.

දැරිය උපකාරක පංතියකට යන බව පවසා නිවසින් පිටව ගොස් සැකකාර පෙම්වතා සමග ත්‍රිරෝද රථයකින් ගොස් තිබෙනවා.

පොද්දල පොලිස් බල ප්‍රදේශයට අයත් පාළු ප්‍රදේශයකදි සැකකාර පෙමිවතා විසින් ත්‍රිරෝද රථය තුලදි  දැරිය අපයෝජනයට ලක්කොට ඇති බව පොලිසිය පවසයි.

දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයකට යොමු කොට තිබෙනවා.

සැකකාර පෙම්වතා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

පොද්දල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගයාන් මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගනු ලැබුවා.

ගාල්ල – ලලිත් චාමින්ද