hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 29, ප.ව. 1:59



යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයෙකු අවුරුදු 06 ක් වයසැති දැරියක් අපයෝජන කළ සිද්ධියක් වාර්තාවනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල පුද්ගලයා ඊයේ (28) සැකපිට අත්අඩංගුවට ගත් බවයි ඉලවාලෙයි පොලීසිය පවසන්නේ.

අදාල දැරියගේ මව නිවසින් බැරව ගිය අවස්ථාවක අසල්වැසියෙකු වූ අදාල වයෝවෘද්ධ පුද්ගලයා නිවසට පැමිණ සිය දියණිය අපයෝජනයට ලක්කොට ඇතැයි දැරියගේ මව විසින් පොලීසියට පැමිණිළි කර තිබෙනවා.

අනතුරුව අසල්වැසි 59 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබුණා.

මේ වනවිට එම දැරිය වෛද්‍ය පරික්ෂණයක් වෙනුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන ඉලවාලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

වව්නියාව – රොමේෂ් මධුෂංඛ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: