hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 26, පෙ.ව. 9:07



18 හැවිරිදි දැරියක් මත් කර බලහත්කාරෙන් දූෂණය සිදු කිරීම සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන  19   තරුණයෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් මානසික පීඩාවට ලක් වූ තරුණිය කොළඹ ප්‍රදේශයේ රෝහලක මානසික වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරනවා.

ඉකුත් ජූනි මස වින්දිත දැරිය සැකකරු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එයින් මසකට පමණ පසු  සැකකාර තරුණයා මිතුරකුගේ පානදුර නිවසට දැරිය රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියා සිටිනවා.

එහිදී සැකකරු විසින් කෝප්පයක දමා යමක් දැරියට බීමට ලබාදී ඇති අතර එහිදී දැරියගේ  ශරීරය අප්‍රාණික වී අඩ සිහියෙන් පසු වී ඇති අතර අනතුරුව සැකකාර පෙම්වතා විසින් දැරිය කාමරයට රැගෙන ගොස් ලිංගිකව හැසිරී  ඇතැයි දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කළා. 

එදින සැකකාර පෙම්වතා විසින් දැරිය සමග ලිංගිකව එක්වීමේදී ජංගම දුරකථනයෙන් ලබාගත් වීඩියෝ දර්ශන පෙන්වා ඒවා ප්‍රසිද්ධ කරන බව බවට පවසා ඊට පසු අවස්ථා කීපයක දී දැරියට තර්ජනය කර ලිංගිකව එක්වීමට කැමැත්ත ගෙන ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මාස කීපයක් ගතවීමෙන් අනතුරුව සැකකරු දැරිය සමග තිබූ පෙම් සබඳතාවය නතර කිරීමත් සමඟම දැරිය මානසික පීඩාවට ලක්වී නිවසින් පිටවී සමීප ඥාතිවරියකගේ නිවසට ගොස් තිබූ බවත් ඥාතිවරිය සමග මේ පිළිබඳ පැවසීමෙන් අනතුරුව  මවුපියන්ට දන්වා රෝහල්ගත කර පොලිසියට පැමිණිලි  කිරීමට පියවර ගෙන තිබූ බවත් පොලිසිය සඳහන් කළා.

සැකකරු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.