hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 19, ප.ව. 7:56



මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මුවාවෙන් නිති විරෝධීව මොරටුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල  පොලිසිය සඳහන් කළා.

එම ගොඩනැගිල්ල තුළ සිරමැදිරි ආකාරයෙන් දිස් වන කාමර කීපයක් ද දක්නට ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසුවා.

එම මධ්‍යස්ථානය වටලන අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා නවාතැන් ගෙන සිටි පුද්ගලයන් කිහිප දෙනට දක්නට ලැබී තිබෙනවා.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන සුඛෝපභෝගී මධ්‍යස්ථානයක් ලෙස මුහුණු පොතේ දැන්වීම් පළ කර  මෙම ස්ථානය පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ සඳහා රුපියල් 37550ක මුදලක් අය කරන බවට දැන්වීම් පළ කර ඇති අතර අහාරපාන සඳහා වෙනම මුදල් ගෙවීමට සිදුවන බව එම දැන්වීමේ පල කර තිබෙනවා.

එක මධ්‍යස්ථානය කරා පැමිණි සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අවම වශයෙන් වෛද්‍යවරයෙක් හෝ නැතැයි පොලිසිය  සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා. 

මධ්‍යස්ථානයේ කිසිදු සුඛෝපභෝගි බවක් නොතිබුණු අතර ඉතා අපිරිසුදු තත්ත්වයේ තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් හෝ අන්තරාදායක ඖෂධ අධිකාරියෙන් බලපත්‍ර ද ලබාගෙන නැති අතර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ඳ අවසර ගෙන නැතැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොරටුමුල්ල පදිංචිකරුවන්.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත මොරටුමුල්ල  පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.පි.ඊ.චන්ද්‍රසිරි මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම කළා.