hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 17, ප.ව. 12:42



රුපියල් ලක්ෂ 22ක් වටිනා මුද්දක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු විසින් කිරින්ද පොලිසියට පැමිණිලි කළ නමුත් ප්‍රබල ඇමතිවරයෙකුගේ දියණියකට සම්බන්ධ මුද්දක් පිළිබඳ කිසිදු පැමිණිල්ලක් නොලද බවත් කිරින්ද පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ජනකප්‍රිය මහතා පවසයි.

ඒ පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී කිරින්ද වැඩබලන ස්ථානාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ප්‍රබල ඇමතිවරයෙකුගේ දියණියකට අයත් රුපියල් ලක්ෂ 25ක් වටිනා මැණික් ගල් ඇල්ලූ මුද්දක් මේසන් බාස්වරයෙකු සොරා ගත් බවට කිරින්ද පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බව ත් ඊට අදාළව පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා.