hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 18, ප.ව. 6:11



යාපනය වඩමාරච්චි නැගෙනහිර කට්ටෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි කතොලික දේවස්ථානයක දේව මාතාවන්ට පළඳවා තිබූරන් ආභරණ ඊයේ (17) කිසියම් පිරිසක් විසින් සොරකම් කොට ඇතැයි මරඳන්කේනි පොලීසිය පවසයි.

දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය පසුගිය 14 සහ 15 යන දිනයන්හි පැවත්වුනු අතර එම දිනයන්හි වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් විශාල පිරිසක් සහභාගී වූ බවටත් එයට සහභාගී වූ යම් පිරිසක් අදාළ රන් ආභරණ සොරකම් කරන්නට ඇති බවට පොලීසිය සැක පල කරනවා.

දේව මාතාවට පළඳවා තිබූ රන් ආභරණ සොර ගත් පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර දේව මාතාවට හානියක් සිදු වී නොමැති බවටත් රන් ආභරණ පමණක් අතුරුදහන් වී ඇති බවට දේවස්ථානයේ පූජකවරුන් විසින් පොලීසියට පැමිණිළි කොට තිබෙනවා.

සොරාගත් රන් ආභරණ රුපියල් ලක්ෂ 30කට ආසන්න වන බවටත් සැකකරුවන් සොයා මේ වන විට පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයිද මරඳන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ