hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 15, පෙ.ව. 11:22



යාපනය කෝපායි පොලිස් වසමේ ගෙවල් රැසක් මංකොල්ලකන ලද කල්ලියක ප්‍රභල සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් ඇතුලු ප්‍රදේශ කිහිපයක මැයි මස සිට ජූලි දක්වා කාලය තුලදී ගෙවල් රැසක් කොල්ලකෑම් පිළිබඳව කෝපායි පොලීසියට ලැබුණු පැමිණිලි වලට අනුව යාපනය කොට්ඨාශ පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පුලුල් විමර්ශනයක් සිදු කිරීමෙන් පසුව අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

එහිදී ප්‍රධාන සැකකරු චුන්නාගම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 09 දෙනෙකුද ස්ථාන කිහිපයකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් අතරින් තවත් අයෙකු යාපනයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක හිමිකරුවෙකු වන අතර අත්අඩංගුවට ගත් පිරිස් හමුවේ තිබී රන් ආභරණ, රන් භාණ්ඩ උගස් තබන ලද ලියකියවිලි, පාපැදි, වතුර මෝටර්, ජංගම දුරකතන, ගෑස් සිලින්ඩර් ඇතුලු භාණ්ඩ රැසක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ