hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 14, පෙ.ව. 11:18



“සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ හයක් අරන් සමත් වුණු මගේ දරුවාට මේ ඉරණම අත්වුණේ නරක ඇසුර නිසයි. ඒත් මගේ දරුවාට නීතියෙන් පිට මරණයක් අත්කර දෙන්න එපා.” යැයි පානදුරේ සලිඳුගේ මව වන ශිරානි මල්කාන්ති මහත්මිය පැවැසුවා.

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගනු ලැබ ලංකාවට රැගෙන එමින් සිටින පානදුරේ සලිඳු නමැත්තාට ජීවිත තර්ජන ඇති බවට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කිරීමෙන් පසුව ඇය මේ බව කියා සිටියා.

ශිරානි මල්කාන්ති මහත්මිය මෙසේ ද සඳහන් කළා,

මගේ පුතා ශ‍්‍රී පරාක්‍රම විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 6ක් සමඟ සමත් වෙලා පානදුර ශී‍්‍ර සුමංගල විදුහලට ඇතුළත් කළා. පාසල් යන අතරේ නරක ඇසුර නිසා 2015 ජුනි 2 වැනිදා සිට දරුවා ගැන කිසිදු තොරතුරක් නැතිව ගියා. වාද්දුව පොලිසියෙන් ඔහු අත්අඩංගුවට ගෙන හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් නඩුවක් දැම්මා. අවුරුදු දහඅටේ මගේ දරුවා වසර එකහමාරක් තිස්සේ බන්ධනාගාරගතව සිටියේ මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්කා ආදී පිරිස් සමඟයි. ඉන්පසු ඇප ලබා පැමිණි බයිසිකල් සේල් එකක් කරමින් සිටියදී 2017 දෙසැම්බර් 27 මත්ද්‍රව්‍ය නඩුවකට නැවත අත්අඩංගුවට ගත්තා. ඒ නඩුවෙන් දරුවා නි‍ෙදාස් කොට නිදහස් වුණා. ඉන් පසුව දරුවා කොහෙද හිටියේ කියල මම දැනුවත්ව හිටියේ නෑ. මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් බව පසුව දැනගත්තා.

දැන් එයාව අද ලංකාවට ගේනවා. මගේ දරුවාට මාකඳුරේ මධුෂ්ට වගේ ඉරණමක් අත්කරදෙන්න එපා කියලා අද මම මානව හිමිකම් කොමිසමට ගියා, පොලිස්පතිට කිව්වා. පොලිස්පතිතුමනි, මගේ දරුවා නිකම් නරක් වුණේ නෑ. හොඳට ඉගෙන ගත්ත දරුවට කුඩු සලිඳු නාමය දැම්මේ පොලිසියෙන්මයි. මම මගේ දරුවාගෙන් උපයාගෙන සැප විඳින්නේ නෑ. මගේ මහත්තයා හම්බ කරන මුදලෙන් අපි ජීවත් වෙන්නේ. අපි දර ළිපේ කන්නෙ බොන්නේ. නීතිමය පියවරකින් පිට මගේ දරුවාට මරණය අත්කර දෙන්න එපා. හැම පොලිසියේ මහත්තයෙක්ම නරක නෑ. ඒත් සමහරු ඇවිත් මගේ දරුවට මධුෂ්ට වෙච්ච දේ වෙයි කියල කිව්වා. මම නැවතත් ඉල්ලන්නේ මගේ දරුවට  ඕනෑම දඬුවමක් නීතියෙන් කරන්න කියලයි.”