hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 31, ප.ව. 2:17



අයියා විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලබා ඇති මල්ලී ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නොරචෝලේ පොලීසිය පවසයි.

ඊයේ (31) දහවල් පුත්තලම – කරඹ,නාච්චිකල්ලිය ප්‍රදේශයේදීයි වෙඩි තැබීම සිදුවී තිබෙන්නේ.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කරඹ – තැඹිලි වත්ත පදිංචිකුරවෙකු වන ලේකම්ගේ අමරකෝන් නම් අයෙක්.

තුවාලකරු එම අවස්ථාවේදීම ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාලකරුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඉඩම් ආරවුලක් වෙඩි තැබීමට මුල් වී ඇති බව පොලීසිය පවසයි.

වෙඩි තැබීම සදහා බෝර 12 ගිනි අවියක් භාවිතා කර ඇති බව දැනට කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොරචෝලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරයි.

හලාවත – ජුඩ් සමන්ත