hit counter

2025 ජනවාරි මස 22 වන බදාදා

2023 මැයි 22, පෙ.ව. 3:20



ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක පොලීසිය සිදුකළ හදිසි‍ වැටලීමක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

එම නිවසේ සුනඛයා ද වෙඩි වැදීමෙන් මිය ගොස් ගියා.

ගම්පොළ පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පිරිසක් ඊයේ (21) අලුයම එම ස්ථානය වැටලීම සඳහා ගොස් තිබුණා.

එහිදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් අදාළ නිවසේ ඇතිකළ රොට් වයලර් වර්ගයේ සුනඛයෙකු එම ස්ථානයේදීම මිය ගියා.

අදළ නිවසේ සිටි වයස අවුරුදු 19ක තරුණයෙකුගේ පාදයකටද වෙඩි වැදීමෙන් තුවාල සිදුවුණා.

මේ අතර,වෙඩි වැදුනු තරුණයා රෝහලට රැගෙන යෑමට පොලීසිය බාධා කළ බවට නිවැසියන් චෝදනා එල්ල කරනවා.
 
“මේක ඇතුළේ විනාඩි 45ක් තියා ගත්තා වෙඩි වැදුන ළමයාව අපිට ගෙනියන්න දෙන්නේ නැතුව. ඒ අය ගෙනිච්චෙත් නෑ. අපිට ගෙනියන්න දුන්නෙත් නෑ මාංචු දාලා මේක ඇතුළේ තියාගෙන හිටියා. 6.15ට අපි බලෙන් පොර අල්ලලා වගේ තමා තල්ලු කරලා දාලා අපේ වීල් එකේ අරන් ගියේ. ගෙනියන්න දුන්නේ නෑ. මම ඔතන ඉඳලා කෑ ගැහුවා වෙඩිතියන්න එපා වෙඩිතියන්න එපා කියලා.  මහත්තයාලටත් දරුවෝ ඉන්නවා අපිටත් දරුවෝ ඉන්නවා. කොල්ලෙක් අවුරුදු 18ක එකෙක් මොනවා කරලා හදාගන්නද මැරුණොත් එහෙම. අපිට නිකන් හිරේ විලංගුවේ යන්න වෙන්නේ. එහෙම නැත්නම් මුන්ගෙන් පළිගන්න වෙන්නේ. ඔය කරන අපරාධවලට.”