hit counter

2026 ජූලි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 06, ප.ව. 9:01



පාසලට ජංගම දුරකථනයක් රැගෙන පැමිණි සිසුවියට විදුහල්පති පසුදින පියා සමඟින් පාසලට පැමිණෙන්න යැයි පැවසූ නිසා පාසල් සිසුවියක් සියදිවි හානිකර ගෙන තිබෙනවා.

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුළුනිකවැව ජයසිරිගම ප්‍රදේශයේ පදිංචි සිසුවියක් මෙලෙස වස පානය කරමින් සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇය ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව අ/අනුර මහා විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක් බව සඳහන්.

දුරකථනය විදුහල්පති භාරයට ගෙන එය ලබා දීමට පියා සමඟ පාසලට පැමිණෙන්න යැයි පැවසූ නිසා එයට ලැජ්ජාවටත් බියටත් පත් වූ සිසුවිය මෙලෙස වස පානය කරමින් සියදිවි නසාගත් බවයි වාර්තා වෙන්නේ.

සිසුවිය කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.