hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 24, ප.ව. 2:27



නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් කොළඹ නගරයේ පවත්වා ගෙන යමින් තිබෙන සම්භාහන ආයතන (Spa) 06 ක සේවය කළ තායිලන්ත ජාතික තරුණියන් 15දෙනෙකු  ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීම් වලදී අඩංගුවට ගෙන මෙරටින් පිටුවහල් කරන තෙක් වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ගල්කිස්ස සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සම්භාහන ආයතන 05 සේවයේ නිරත වෙමින් සිටි වයස අවුරුදු 30 ත් 44 ත් අතරේ පසුවන තායිලන්ත ජාතික තරුණියන්  05 දෙනෙකු ඉකුත් 18 වනදා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් වටලා අත් අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් අතර සිටි මෙම තායිලන්ත ජාතික තරුණියන් සිව් දෙනෙකුගේ වලංගු වීසා කාලය ඉකුත් වී තිබූ අතර අනෙක් තායිලන්ත තරුණිය සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ මෙහි සේවය කරමින් සිටියදී අත් අඩංගුවට පත් වී තිබුණා.

එමෙන්ම කොළඹ හැව්ලොක් පාරේ තුම්මුල්ල මංසන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සම්භාහන ආයතනයක් 23 වනදා වැටලූ ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරී කණ්ඩායම  එහි මෙම සම්භාහන වෘත්තියේ නියැලී සිටි තවත් තායිලන්ත ජාතික තරුණියන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම තරුණියන් ඉකුත් වසරේ නොවැම්බර් මස සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණි වයස අවුරුදු 33 ත් 44 ත් අතරේ පසුවන තායිලන්ත ජාතිකයන් වෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති  තායිලන්ත ජාතික තරුණියන් 15දෙනාම ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන තෙක් වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට පියවර ගෙන තිබෙනවා.

මෙම වැටලීම්, අත්අඩංගුවට ගැනීම්, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සහ මෙම තායිලන්ත තරුණියන් ශ්‍රී ලංකාවෙන්   පිටුවහල් කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තු පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නියෝජ්‍ය පාළක එම්.ජී.වී.කාරියවසම් මහතා සමග තවත් නිලධාරීන් 05 දෙනෙකු සහ නිලධාරීනියන් 02 දෙනෙකු සහභාගී වී තිබෙනවා.

මේ පිළිබඳව අදාළ විමර්ශන කටයුතු නිමා වු සැනින් මෙම තායිලන්ත ජාතික තරුණියන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට නියමිතයි.