hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 ජූනි 13, ප.ව. 4:25



දෙස් විදෙස් සුපිරි ධනවතුන් නිරතුරුවම ආ ගිය බව කියන කොල්ලුපිටිය දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

සෙසු සැකකරුවන් අතර මෙරට සුරූපී තරුණියක්, කළමනාකරු එමෙන්ම මෙම ගණිකා ගණිකා ජාවාරම මෙහෙය වන යුධ හමුදා හිටපු නිලධාරියෙකු ද වන බව පොලිසිය සඳහන් කළා.

මෙරට සුරූපී තරුණිය වයස අවුරුදු හතක් වන ඇයගේ දියණිය ද එම ස්ථානයට කැඳවාගෙන තිබු බවත් පොලිසිය කියයි.

කොළඹ 3 කොල්ලුපිටිය දෙමහල් ගොඩනැගිල්ලක ගණිකා මධ්‍යස්ථානයක් ජයටම පවත්වාගෙන යන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව
පොලිස් සැරයන් 428 ජයලාල් නිලධාරියා සිදු කරන ලද ආවේක්ෂණ රාජකාරි වලදී අනාවරණය කරගත් තොරතුරු අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

පොලිස් සැරයන්වරයා උපාය දූතයකු ලෙස වෙස් වලාගෙන පොලිස් කොස්තාපල් 84889 උදය කුමාර සංඥාකරු වශයෙන් යොදවා රුපියල් 10,000ක මුදලක් දී කාන්තාවක් මිලදී ගෙන කාමරයකට පිවිසීමත් සමගම මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එම ස්ථානයේ රැඳී සිට ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තායි තරුණියන් දෙදෙනාට ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බව පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික 24 හැවිරිදි තරුණිය රුපියල් කෝටි දහයක පමණ දේපළවලට හිමිකම් කියන තැනැත්තියක් බවත් ඇයගේ නමින් සුඛෝපභෝගී මෝටර් රථ තුනක්, පිලියන්දල ඉඳිකරමින් පවතින තෙමහල් නිවසක් ද පිහිටා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සැකකාරිය ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම රැකියාවෙන් ම මෙම වත්කම් උපයා ගත් බවට අනාවරණය කළ බව පොලිස් නිලධාරිනියක් පැවසුවා.

එම වැටලීමක් සමගම අත්අඩංගුවට ගත් ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකරු වන යුධ හමුදා නිලධාරියා අසනීප තත්ත්වයෙන් පෙළෙන බව පැවසූ බැවින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවා.

අත්අඩංගුවට ගත් සුරූපී තායි තරුණියන් ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා තායිලන්ත තානාපති කාර්යාලය හරහා භාෂා පරිවර්තක යෙකුගේ සහාය ලබා ගන්නා බවත් පොලිසිය සඳහන් කළා.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පරීක්ෂණ පවත්වනවා.