hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 30, ප.ව. 1:16



ජංගමව ශරීර සම්බාහන සේවාව සිදු කරන බවට මුහුණු පොත ඔස්සේ පලකර කළුතර වෙරළට ගෙන්වා තරුණයකුව පහරදී යතුරුපැදියක්, ජංගම දුරකථනයක් සහ මුදල් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

කළුතර උතුර සහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 27 සහ 28 වියැති පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් කාන්තාවන් ලෙස මුහුණු පොතේ පෙනී සිට ජංගම ශරීර සම්භාහන සේවය සපයන බවට පලකර නාගස්හන්දිය මුහුදු වෙරළට ගෙන්වා පහරදී යතුරුපැදිය, ජංගම දුරකථනය සහ මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

සැකකරුවන් වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන කොල්ලකෑ යතුරුපැදිය සහ ජංගම දුරකථනයද සොයාගත් බව පොලිසිය පවසා සිටියා.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොස්තාපල්වරුන් වන තිලකරත්න (94014), විජේසුන්දර (101381) සහ දිසානායක (102939) වැටලීමට එක්වූවා.