hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 27, ප.ව. 8:00



මාසයක් ඇතුළත වෙඩි තැබීම් තුනක් සිදුවූ අම්බලන්ගොඩ නගරයේ ආරක්ෂාව තර කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා තිබෙනු දක්නට ලැබෙනවා.

අම්බලන්ගොඩ ගල්දූව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙනුවට තවත් එවැනිම කඳවුරක් මේ වනවිට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේම ස්ථාපිත කොට තිබෙනවා.

මේ පොලිස් විශේෂ බලකා කඳවුරු දෙකේම නිලධාරීන් අම්බලන්ගොඩ නගරයට නාදුනන තුවක්කුකරුවන් ඇතුල්වීමේ සහ පිටවන මාර්ග ආවර්ණය වන සේ රැකවලේ යෙදී සිටිනුද දක්නට ලැබෙනවා.

එයට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ජීප් රථ වලින් සහ යතුරු පැදිවලින් නගරය ආවරණය වන සේ ජංගම සංචාරයේ යෙදෙනු ද දක්නට ලැබෙනවා.

මාසයක් ඇතුලත අම්බලන්ගොඩ සිදුවූ වෙඩි තැබීම් තුනෙන් මේ ව්නවිට සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මැයි 26 වැනිදා පෙරවරුවේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තැබූ වෙඩික්කරු පමණයි.

 මැයි 25 වැනිදා රෑ වතුගෙදර දෙල්ගහහන්දිය ප්‍ර දේශයේදී තරුණයකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදු කළ සිද්ධියේ සැකකරුවන් මෙන්ම මීට දින කිහිපයකට උඩදී මහ රෑ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී වෙඩි තබා තීරෝද රථයක රියදුරුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ නාදුනන තුවක්කුකරුවන් ද මෙතෙක් හදුනාගෙන නැත.

මේ වෙඩි තැබීම් තුනට පසුව අම්බලන්ගොඩ නගරය ආරක්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසිපහකින් සමන්විතවූ කණ්ඩායමක් අම්බලන්ගොඩ පොලීසිය තුළ කදවුරු බැද තිබෙනවා.