hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 07, ප.ව. 4:11



ඇද ඇතිරිල්ලකින් ඇද විට්ටමේ එල්ලී ගෙළ වැළලාගෙන මිය ගොස් සිටි එංගලන්ත ජාතිකයෙකුගේ මළ සිරුරුක් ගාල්ල හිනටිගල ප්‍රදේශයේ විලා එකක තිබියදි ඊයේ (06) සොයා ගත් බව හබරාදුව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 54 හැවිරිදි වියේ පසු වූ එංගලන්ත ජාතිකයෙක්.

මෙම එංගලන්ත ජාතිකයා හිනටිගල ප්‍රදේශයේ විලා එකක තනිව පදිංචිව සිට තිබෙනවා.

ඔහු වසර 13ක පමණ කාලයක සිට වරින්වර එංගලන්තයට ගොස් යලි මෙරටට පැමිණ මෙකි විලා එක තුල පදිංචිව සිට තිබෙනවා. 

අවසන්වරට ඔහු මීට වසර 02කට පමණ ඉහතදි එංගලකන්තයට ගොස් මෙරටට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

මෙම විදේශිකයා ඇද විට්ටමේ වියල්වල ඇද ඇතිරිල්ලකින් එල්ලි ගෙළ වැළලාගෙන සිටි බව මුලික් විමර්ශන වලදි අනාවරණය වී තිබෙනවා.

විදේශිකයාගේ මළ  සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කොට ඇති අතර හබරාදුව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

ගාල්ල – ලලිත් චාමින්ද