hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 18, ප.ව. 12:51



ගාල්ල, මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ දී කාර් රථයක් දුම්රියක ගැටිමෙන් එහි ගමන්ගත් දස හැවිරිදි දැරියක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව ගාල්ල වරාය පොලිසිය පැවසුවා.

කාර් රථය ගාල්ල දෙස සිට මකුළුව දෙසට ගමන්කරමින් තිබි ඇති අතර දුම්රිය මාතර සිට වවුනියාව බලාධාවනය වෙමින් තිබූ බවයි අප වාර්තාකරු පැවසූවේ.

කාර් රථයේ රියදුරු විසින් කාර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා දැමිමේ දි දුම්රියේ ගැටි ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුරට ලක් වූ පිරිස ගාල්ල ගොඩකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර කුඩා දරුවකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාලකරුවන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

මංගල උත්සවයකට සහභාගිවිම සදහා යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියා සිටියා.

ගාල්ල වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

ගාල්ල – ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: